Sunday, July 3, 2011

දෙවියන් ලවා කෙමිස්ට්‍රි ගොඩ දා ගැනීම...


සමහරු දන්නව ඇති මම මේ කියන්න හදන හරුපෙ..මොකක්ද මේ..ඒක තමා ලන්කාවෙ සෑහෙන ආන්දෝලනයකට තුඩු දුන්න නාත දෙවියන්ගේ ආසනික් සොයාගැනීම.. ඒක පොඩ්ඩක් මෙතනින් ගිහිල්ල ඕන නම් බලත හැකි
ඒ වගේම ඒකට අද පස්තරේ  පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යාව පිළිබඳ
ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඔලිවර් ඒ. ඉලේපෙරුම මහත්තය කියපු එක මෙතනින් බලන්න පුලුවන්.....ඒ මහත්තයනම් කියන්නෙ දෙවියන්ට හොයන්ඩ පුලුවන් උනු ආසනික් විජ්ජාවෙන් හොයන්න බෑ කියල තමා..මට නම් ඔය දේවල් ගැන මෙලෝ හසරක් තේරෙන්නෙ නෑ..ඒ වුනාට මයෙ සිගිති මොලේට මේ වගේ පස්ට අයිඩියා එකක් ආව..කියාන්ඩලකො ඒ අදහස කෝමැයි කියල
දැන් ඕව කියෙව්වම මට හිතෙන විදියට නාත දෙවියො කෙමිස්ට්‍රි ස්පෙශලිස්ට් කෙනෙක්...ඉතින් මාත් බැලුවෙ ටියුසන් එකකටවත් සෙට් කරගන්න බැරි වෙයිද කියල..
මේ නාත දෙවියොත් ෆේස්බුක් ඉන්නවද? ඉන්නවනම් මට කවුරු හරි ලින්ක් එකක් එවන්න හොදේ..එතකොට ඔන්ලයින් ඕන උදව්වක් ඉල්ලගන්න පුලුවන් වෙයි.. ඔය රත්ගමයත් දාලතිබ්බ කතරගම දෙවියොත් බුකියෙ ඉන්නව කියල..මාත් ඉතින් ඔන්න ඔහෙ රික්වෙස්ට් එකක් දැම්ම..මගෙත් ඇක්සෙප්ට් උනානෙ දාන්නත් කලින් :)
හැබැයි ඉතින් මෙහෙම කරත් වැඩේ ගොඩ නේද බොලව්..
1.විබාගෙ කිස්ටුවටම එනකන් පික්සු කෙලීම
2.විගාබෙ අගෝස්තු නම් ජූලි මාසයේ ගොස් අර නාත දෙයියො එක්ක වයර්ලස් කොනෙක්ටිවිටි එකක් ඇති කරගන්න පුලුවන් ගැහැනියව හමුවීම..(ඒ පැත්තෙ 3ජී තියේද දන්නෙ නෑ...වයි ෆයි තිබ්බොත් නම් එල..ස්පීඩ් එක වැඩියි නෙ :) එටිසලාට් 3.75ජී හලි ඩයලොග් අන්කල්ගෙ 4ජී කියන එක තිබ්බොත් නම් ගොඩම තමා ;)  )
3.කීයක් හරි නාත දෙවියන්ට පඩුරු දීල කෙමිස්ට්‍රි පේපරේට එන ප්‍රශ්න ටික ලියාගන්න එක (උත්තර ටිකත් ඒත් එක්කම ඉල්ලගන්නව...උත්තරත් එක්ක ගන්නකොට පොඩි බෝනස් එකක් දෙයි..කෙමිස්ට්‍රි ස්පෙසලිස්ට් වොවැ )
කෙමිස්ට්‍රි ගොඩ කියන්නෙ ගොඩේ ගොඩ :)))

ප/ලි - ස්පෙලින්ස් මිස්ටේක්ස් පිලිබද වගකියනු නොලැබේ...ලිව්වෙ කැෆේ එකකින්..මම මොනාද ලිව්වෙ කියල මටවත් හරි හමන් අවබෝදයක් නෑ...කොමෙන්ට් එකක් දාන්නැතුව අහු වෙන්ඩෙපා ;)

16 comments:

  1. මම මොනාද ලිව්වෙ කියල මටවත් හරි හමන් අවබෝදයක් නෑ..

    මටත් එහෙමයි :D

    ReplyDelete
  2. :o මම ඔය ඩීල තියෙන දිවයින පස්තරේ ලින්ක් දෙක කියෝල ඉඩපන් :)
    නැත්තම් ඉතින් දෙමල පරිප්පු කෑව වගේ තමා :)

    ReplyDelete
  3. "3.කීයක් හරි නාත දෙවියන්ට පඩුරු දීල කෙමිස්ට්‍රි පේපරේට එන ප්‍රශ්න ටික ලියාගන්න එක"

    මටනම් ලෝකෙ තියන අප්පිරියම කෑල්ල තමා කෙමස්ට්‍රි. ඉතින් හත්වලාමෙ ප්‍රශ්නටික විතරක් ඉල්ලගත්තොත් මටනං වැඩක් නෑ... ඔය මොකාද දෙය්ය උත්තරටික දුන්නොත් මටත් කියප
    න් ඈ..............

    ReplyDelete
  4. අනේ බොලේ .....දෙවියන්ට කොරන්න පුළුවන් කෙන්ගෙඩියක් නෑ බං....තමන් හිසට තම අතමය සෙවනැල්ල...මතක තියා ගනින් ඒක බං......

    ReplyDelete
  5. ඇ කොලුවෝ උබ ඔය set කරගන්න හදන නාත දෙවියෝ එදා හිටියේ නැද්ද බොල අපි දිහා බලන්න...:(

    ReplyDelete
  6. අනේ අපි විභාග ලියන කාලේ නාත දෙවියොවත් කතරගම දෙවියොවත් ෆෙස්බුක් එකේ හිටියේ නෑනේ උදව්වක් ඉල්ලන්න...

    ReplyDelete
  7. න්නත්ත දෙයියෝ ආසනික් හොයාගත්තා වගේ මේකත් ගොඩ දාලා දෙයි. ඇයි දන්නේ නෑ ආසනික්ම හොයා ගත්තේ ?? ඔච්චර කැල්සියම් සෝඩියම් හයිඩ්‍රජන් වගේ ඒවා තියෙද්දි. :)

    ReplyDelete
  8. අනිත් සබ්ජෙක්ට් දෙකටත් කවුරු හරි සෙට් කරගන්න බැරිවෙයිද ?? ආයෙ A/L කරන්න ? ?

    ReplyDelete
  9. මම ආයෙත් එක්සෑම් ලියන්ට හිතා ගත්තෙමි.. :)

    ReplyDelete
  10. කේස් එක තියෙන්නෙ නාථ දෙයියන්ගෙ chemistry theory බන්ධුල අන්කල් පිලිගනීද දන්නෙ නෑ. මහින්ද යාපා අන්කල් කිව්වෙත් නාථ දෙවියො වැරදී එයා හරි කියලනේ...

    ReplyDelete
  11. ඕකාට මාව කන්ටැක්ට් කරගන්න කියන්න කෙමෙස්ට්‍රි ප්‍රශ්න වගයක් තියනවා උත්තහ නැතුව මම වේලෙනවා ටාර්ගාලා ඇවිත් මට උත්තර ටික කියලා දෙන්න කියපන්....

    ReplyDelete
  12. මචන්... උබ දැනුවත්ව හො නොදැනුවත්ව නාත දෙවියො අසනික් පරීක්ෂනේට මගපෙන්නපු එක හෑල්ලුවට ලක්කරල තියෙනවා.... ඒක නිසා මං නම් අන්ලයික් මචන් මේ පොස්ට් එකට...

    ReplyDelete
  13. යකෝ.....අපි උපතින් සිරිලාංකිකයි...ඒක නිසා ගනන් ගන්න එපා

    ReplyDelete
  14. මලේ... නාථ දෙයියෝ ආසනික් හොයාගත්තු එකෙන් බලහන් දෙයියන්ට හම්බුන පබ්ලිසිටිය! මෙච්චර කල් උන්නද මලාද කියලා දැනං උන්නැති දෙයියන්ව දැන් නොදන්න කිරි සප්පයෙක් නෑනෙ. එහෙව් දෙයියෝ උඹට නිකං ප්‍රශ්න ටික දෙන්නෙ අහවල් කෙංගෙඩියකටෙයි..! මතක තියාගනිං දැං කාලෙ දෙයියොවත් පිනට වැඩ නෑ. ඒ නිසා තමංට පුලුවන් විදියට වැඩේ ගොඩදාගනිං ඉහලිංම.. අරවයිං අකුරු 9 ගත්තු උඹට තව 3 ගන්න එක මහ කජ්ජක්යැ? (අන්තිම පේලිය නම් කිව්වෙ සිරාවටමයි )

    ReplyDelete
  15. මල්ලි මම URl එක වෙනස් කරා.ඒ නිසා වෙන්නෑති.අලුත් URL එක himahansi.blogspot.com

    ReplyDelete
  16. http://www.titane.ca/ ඔන්න දෙවියෝ set කරගන්ඩ ඕන link එක. ඔකේ යට open කියන ඒකට ගියාම දෙවියෝ එක්ක චැට් එකක් දාන්ඩ පුළුවන්.

    ReplyDelete