Thursday, August 25, 2011

කෙහෙම්මල් ග්‍රීස් යකෙක් නිසා කෙලවිය..

කෙහෙම්මල් ග්‍රීස් යකෙක් නිසා කෙලවිය..මේක නම් මලම මල මගුලක්ය..ලගකදී සිට කෙහෙම්මල් ග්‍රීස් යක්කු හැමතැනමය..ගමේ එවුන්ටද පාරක තොටක යන අදුරන්නැති මිනිහෙක් උවත් දැන් පේන්නේ ග්‍රීස් යකෙකු ලෙසය..කෙලින්ම කිව්වොත් ලන්කාවේ බහුතරයක් හරක්ය..උන්ට ටෙලිවිසන් එකේ මොකඛරි ලබු ගෙඩියක් දැම්මොත් ඒකෙන් තොර ලොවක් නැත..උදාහරනය පුත්තලමය..මෙලෝ හෙතුවක් නැතුව පුත්තලමේ පිස්සු නැටූ තම්බි රැලක් පසුගියදා අහින්සක පොලිස් නිලධායෙක් ගසා මරාදැමුවේය..මුන් සිතන්නේ මුන් පාරට බැස්සාම මුන් තමයි මැරයෝ කියාය..ආගමකට අපහාස නොකරමි..එහෙත් මෙවැනි සක්කිලි වැඩ හෙලා දකිමි..

අපේ ගමේ එවුන් බහුතරයකටද එක එක තැන්වල අමාරුය..උන්ට කොරන්න වැඩක් පලක් නැත..ඉතින් එක එකා දැක්කායි කියමින් මුන් පොලිසියට ඉන්න දෙන්නේද නැත..උන් ගොහින් මොකෙක්ද එකෙක් දැක්කා යැයි පොලිසියට රපෝර්තු කරති..ඉතින් පොලිසියද ගම වටේ මුර කරති..
වෙලාව උදේ 10 විය..ඒ 11 වසර මාදම්පේ ප්‍රසිද්ධ ගනන් පන්තියක් ඇරෙන වෙලාවයි..ඒ අසල යාලුවෙකුගේ ගෙදර යාමට අවැසි විය..ඒත් සමගම 1.30 වන විට කේමිස්ට්‍රි පන්තිය සදහා කුරුනෑගල නගරය වෙතටද යායුතුව තිබුනි..මම අපේ අයිය කාරයා හමු උනෙමි..සුපුරුදු පරිදි උගෙන් උගේ මහ ලොකු පල්සර් බයික්කෙ හිගා කෑවෙමි..එමෙන්ම සුපුරුදු පරිදි බැනුම් සන්ග්‍රහයකින් අනතුරුව එය මට හිමි විය..මාදම්පේ නගරයට යාමට මට බසයේ යාමට බැරි කමක් නැත..එහෙත් 11 වසර නන්ගිලා පන්ති ඇරෙන වෙලාවට බයික්කෙන් යාමේදී මාර චූන්ය..එම නිසා මම එදින බයික්කෙන්ම යමි..
මම සුඹ්හ මොහොතින් කොන්ඩෙ පොඩ්ඩක් අවුල් කරගෙන බයික්කෙ දේවාලෙ-පන්සල හයිවේ() එකට දාල පැද ගියේ සුපුරුදු පරිදි හෙල්මට් එක ගෙදර අමතක කරමිනි..ඒ හෙල්මට් එක දාල යද්දී කිසි ගතියක් නැති බැවිනි..නොදකින්ය.. වෙනදාට බල්ලෙක් නැති පන්සල ගාව අද පොලිසියේ මහත්තුරු දෙන්නෙකි..මුන් දෙන්නා මාව නැවැත්තුවාය..ලයිසන් හෙල්මට් මුකුත් නැතිව සිටි මා අතිසයින්ම බිය විය..අයිය කාරයගෙන් ඉදල ඉවරයි..එකෙක් මගෙ කනට ලන් කර 500ක් ගන්න මල්ලි යැයි කීවාය..හොද වෙලාවට පන්ති යාමට අතේ තිබුනු 500 පොලිස් මහත්තුරු දෙන්නාට ප්ලේන්ටියක් බීමට පූජ කර අතේ සතයක් නැතුව පන්තිත් නොයා ආපසු ගෙදර ඒමට සිදුවූයේ මේ කෙහෙම්මල් ගිරිස් යක්කු ඉන්නවායැයි ගමේ *ක කහන ආච්චිලා නිසාය..නොදකින්ය..ඒත් ආසියාවේ ආස්චර්යය..

Tuesday, August 16, 2011

පලමු ඔෆීශියල් ලව් එක..1 කොටස-ඉල්ලගෙන නෑම


අම්මෝ කලින් ලිපියට නම් සෑහෙන්න මට මඩ ප්‍රහාර එල්ල උනා..ආන් ඒක හින්ද මම කියන්නෑ ඔන්න මේ අද ලියන්න යන වෙන වෙන කාටවත් උන දෙයක් කියල මේක මටම තමා උනේ..
මම ඉතින් ඔය පොඩි කාලෙ ඉදලම කෙල්ලො සබ්ජෙක්ට් එකට නැති අහින්සකයා..11 වසරට විතර එනකන් මට කෙල්ලන්ව පේන්න බෑ..කෙල්ලන්ටත් මාව පේන්න බෑ..11 වසරෙ මට ඒක පාර්ශ්වික ලව් එකක් තිබුනට ඒ කෙල්ල පොඩි කාලෙ ඉදල කොල්ලො අඩුම තරමෙ 10-15 අතර ප්‍රමානයකට යාලු වෙලා හිටිය හින්ද ඒක පැවතුනේ ඒක පාර්ශ්වික එකක් විදියටම තමා.. ඒ ගැනත් හෙන අලි කතාවක් තියෙනව..ඒක පස්සෙ කියන්නම්..අද කතාව තමා මාගෙ පලමු ඔෆීශියල් ලව් එක!

ඔන්න ඕ ලෙවල් ඉවර වෙලා මාස 6ක් විතර කකා බිබී ගෙදරට වෙලා ඉදල ඉස්කෝලෙ පටන් ගන්න දවසත් ආව..අපේ ඉස්කෝලෙ ඒ ලෙවල් බයෝ පන්ති දෙකක් තියෙනව..ඉතින් දැන් බයෝ කරන කට්ටිය ඔක්කොම ගෙන්නල තමන්ගෙ පන්තිය දැනුම් දුන්නා..දෙයියන්ගෙ පිහිටෙන් මම වැටුනෙ අපේ පරන ඕ ලෙවල් පන්තියෙ හිටපු කොල්ලො ටික සැට් උන පන්තියටම තමා.. එදා ඉතින් වැඩි සද්දයක් නැතුව ශේප් එකේ ඔන්න ඔහෙ ඉදල පහුවෙනිදට තමා පන්තියට වාර්තා කරන්න තිබුනෙ..මල කරුමෙකට එදා දවසෙ ඩෙන්ගු මගුලට ඉස්කොලෙ ස්‍රමදානයක්..  ඉතින් මායි අපේ කලියෙන් පන්තියෙ හිටපු මිටි පොරකුයි සුපුරුදු පරිදි උදෙන්ම ( උදෙ 8 විතර ) ගියා ඉස්කෝලෙට..ඊට පස්සෙ ගේට්ටුව ගාව හිටිය සර් කෙනෙක්ගෙන් වේලාසන ඉස්කෝලෙ පැමිනීම පිලිබද ගුන වර්නනාවක් අහගෙන අපි ගියා අපේ අලුත් පන්තියට..නොදකින්ය..ගියා විතරයි කට්ටිය පිටින් මෙන්න එලියට බහිනව ස්‍රමදානෙට යන්න..මොනා කොරන්නද අපිත් ගියා..අපි ඉතින් වැඩ පල කරල පුරුදු හින්ද කෙල්ලො කට්ටියට වැඩේ බාරදීල අපි වැඩ බලන ජොබ බාරගත්තා..ඔය අස්සෙ තමා පන්තියට අලුතින් කෙල්ලො 10 කට අදික ප්‍රමානයක් ඇවිදින් සිටින බවට අපිට මීටර් උනේ..ඉතින් මම වන් බයි වන් ෆුල් ඇනලයිස් පාරක් දැම්ම..
මෙන්න බොලේ එකෙක් ගාව මගෙ ඇහැ ස්ටක් උනා..කොච්චර අයින් කොරන්න හැදුවත් ඒක මට කරගන්න බැරි උනා..
මම කිව්ව මයෙත් එක්ක හිටපු අර මිටි පොරට " මචන් අර කෙල්ල නම් සුපර් බන් " ඒක තමා මගෙ පලවෙනි ඔෆීශියල් ලව් එක..මම කරපු ලොකුම ගොන් වැඩේ තමා මම එක්ක හිටපු අර රිලවට මේ ගැන කිව්ව් එක..
ඉන්ටවල් එක වෙනකම් තිබ්බ ස්‍රමදානය ඉවර උනා..අපි පන්තියට ගියා..ඔන්න ඔහොම දවස් දෙකක් තුනක් යන්න ඇරල දැන් අර මිටි එකා කෙල්ල ලගට ගිහිල්ල මොනාද කියෝනව..මම ඌව ශේප් එකේ පැත්තකට ඇදගෙන ගිහිල්ල කිව්වා "යකෝ මම ගැනනම් මොනවත් කියන්න එපා.මම අරහෙම කිවෙ ජෝක් එකට කියල" ඒත් ඌව නවත්තන්න බැරි උනා.
ඌ පන්තියෙ වම් පැත්තෙ ඉස්සරහම පෝලිමේ හිටපු කෙල්ලට දකුනු පැත්තෙ පිටිපස්සෙම කෙලවරේ මාව පෙන්න පෙන්න මොකක්දෝ කියනවා..මට දැන් හොදටම මල..යකෝ මූ එපා කියද්දිනෙ මේ අහවල් එකක් කරන්නෙ..
 එක්කෝ කමක් නෑ ඔන්න ඔහෙ අහපුදෙන් කියල මාත් මුකුත් දන්නෑ වගේ හිටියා..
එක පාරටම මට කතා කලා..ඔව් ඒ එයා..මගෙ නම කියල හයියෙන් කතා කලා..එතකොට මට නිකන් කරන්ට් එකක් වැදුන වගේ වෙලා එක පාරටම ඉස්සරහ පෝලිම දිහා බැලුනෙ ඉබේටම..
" මොනාද මට කියන්න තියෙනව කිව්වෙ"
 හුටාය..එක පාරටම පන්තියෙටම ඇහෙන්න කෙල්ල එහෙම ඇහුවා..එක පාරටම කෑ ගහ ගහ හිටපු පන්තියෙ හිටපු ඔක්කොම ඩිම් වෙලා වගේ මගෙ දිහා සහ කෙල්ල දිහා බැලුවා..එතකොටම මට තේරුනා මගෙ කලිසම තෙත් වෙනව වගේ..මම බය උනා..හොදටම බය උනා..මටත් නොදැනුවත්ව මම ඇහුව
"ඇ මොකක්" කියල
එතකොට ආයෙ කෙල්ල ඇහුවා අර ප්‍රශ්නෙම
" මොනාද මට කියන්න තියෙනව කිව්වෙ"
 එතකොට මගෙ කටට ආපු උත්තරේ තමයි
" නෑ.... මුකුත් නෑ" කියන එක
 අර කියපු මිටි රිලවයි පන්තියෙ අනික් උනුයි ඔය සීන් එක මතක් කර කර දැනටත් මාව කින්ඩියට ගන්නවා...ඔන්න ඔහොම තමා ඉල්ලගෙනම ජීවිතේ පලමු වරට කෙල්ලක් නිසා චාටර් බාල්දියකින් නෑවෙ..
ඊට පස්සෙ මොකැයි උනේ කියල ඊලග කොටසින් බලමු..:)




Wednesday, August 3, 2011

අඩේ කෝ උබේ ජොකා???

මේක ඇවිල්ල මේ අපේ පැත්තෙ බුවෙකුට වෙච්ච ඇත්ත සිද්දියක්....මූ ගැන පොඩ්ඩක් කිව්වොත් මූට මොන්ගල් කියල කියතඇකි කිසි බයක් හැකක් නැතුව..වෙච්ච දේ කියන්නම්කො..
ඔය දැන් අවුරුද්දකට එකහමාරකට විතර කලියෙන් මම ඔය වැඩිය අන්තර්ජාලය එහෙමට පාවිච්චි කරේ නෑ ( දැන් නිකන් මොකාද එකා වගේ මේකෙම එල්ලිගෙන හිටියට )ඒ කාලෙ ඉතින් උදේ පටන් ගත්ත වෙලේ ඉදල සෙල්ලමම තමා..ඔන්න එදා දවසෙ උදේ තිබ්බ ක්‍රිකට් මැච් එකක්...ටීම් දෙකයි ගැහුවෙ..කොහොමින් කොහොමින් හරි අපේ පිල 2500 ක් විතර පරාදයි.. :( ඕන් ඕක හින්ද මේ දුකට කට්ටියගේන් ඉල්ලීමක් ආව "අනුමත වෙමු" කියල...ඕකට ඉතින් බෑ කියන උනුත් ඉන්නවයෑ...
ඉතින් කොහොමින් කොහොමින් හරි දින්න උනුයි පරාද වුන උනුයි ඔක්කොම එකතු වෙලා අනුමත උනා පදමටම...( අනේ දිනපු උන්ට පව්, උන්ගෙ සල්ලි නෙ :ඩී )
ඊට පස්සෙ තමා සීන් එක පටන් ගන්නෙ..කට්ටිය දන්නවද දන්නෑ මම ඉන්නෙ හලාවත කිට්ටුව තියෙන මාදම්පෙ පැත්තෙ..ඔන්න ඔය කිට්ටුව ඉතින් සුපිරි වැවක් තියෙනව කියල දන්නව ඇතිනෙ..
ඉතින් කට්ටිය කතා උනා ගොහින් නාල හෙම ෆුල් ආතල් එකක් දාන්න...අපි ඉතින් ෆන් ගන්න ඕන වෙලාවට යන්නෙ වැව යි ගගයි ජොයින්ට් වෙන තැනට ( ගමේ උන්දැලැ කියන්නෙ ඇනිකට් එක කියල ඉතින් අපිත් එහෙම කියනව )
 ඔන්න දැන් ගියා කියමුකෝ...ඔතනට ඔය ට්‍රිප් යන/ගමන් යන උන්දැලැ එහෙමත් බලල යන්න/කාල යන්න එහෙමත් බොහෝ විට ඇවිත් ඉන්නව..


අපි 8 දෙනෙක් විතර බයික් කටු තුනක නැගල ඔතනට යද්දි මෙන්න බොලේ මම අර කියපු බුවා එක පාරටම දුවල දුවල ගිහින් කලිසමත් ගලෝගෙන පැන්නනේ ඇනිකට් එකට..
අපි කොච්චර කිව්වත් ඌ එවෙලෙ ජොකෙක් ඇදල හිටියෙ නෑ කියල ඌ තාම පිලිගන්නෙ නෑ.. :ඩී
හොදම වැඩේ කියන්නෙ එතන ගගේ සිරි නරබමින් සිටි කොහෙදෝ සිට පැමිනි ගෑනු ටිකයි ටිකයි වෑන් එකේ නැග්ගගත්ත මිනිහත් අපිට බැන බැන යන්න ගියා.. :(

ප/ලි - පුලුවන් නම් කියෆල්ලකො මට උන එකක් කියල :පී ය