Sunday, July 24, 2011

අපේ සෙට් එක කුලක වීමේ කතාව..

කට්ටිය දනවත් ඇති මයෙ හිතේ අපේ මේ ඔය බ්ලොග් අවකාශයේ මිතුරෝ ගෲප් කට්ටෙ චැට් එක දාගෙන ඉන්න බ්ලොග් ලියන පොඩි එවුන් ටික ගෝල්පේස් එකේදි කුලක වුනානෙ(වයස කීප දෙනෙකුත් හිටිය )ඉතින් ඔය හමුවේදි උන රස කතා මඩ කතා කෝටියයි ඔන්න..දැන් ඕකට ගිය අනික් උනුත් පෝස්ට් දාල තිබ්බට උන්ට මඩ දාන්න අමතක වෙලා..ඉතින් මන් හිතුව  ඔක්කොම ටික මම ම දාන්නම් කියල..ඔන්න එහෙනම් මුල ඉදලම අහගනිල්ලකෝ අපි කුලක වූ හැටි!!!


ඔන්න කතාකරගත්ත විදියට මම උදියා සහ දීලිපයා හම්බවෙන්ට කොටුවට ගියා කියමුකෝ...මම හරියට කියපු වෙලාවටම ගියත් මුන් එතකොටත් තාම මගලු..මොනා කොරන්ඩද ඉතින් මාත් බැන බැන බලන් හිටියා..පැය බාගෙකින් විතර මෙන්න එනව උදියගෙන් කෝල් එකක්
උදියා-මචන් උබ කොහෙද ඉන්නෙ?
මම-කොටුවෙ බන්
උදියා-කොටුවෙ කොහෙද බන්
මම-කොටුවෙ මොන ඉලව්වකවත් නෙමේ බන් ඉස්ටේසම ඉස්සරහමයි
උදියා-උබ පොඩ්ඩක් මොන වගේද කියල කියපාන් බන්
මම-මම කලු ට්ටිසට් එකක් සහ ඩෙනිමක් ඇදල බන් ඉන්නෙ
උදියා-හොයාගන්න බෑ වගේ බන්
මම-ඇයි බන් අර ෆෝන් එක කනේ තියාගෙන ඉන්නෙ බන්
උදියා-ආ..හරි හරි...හොයාගත්ත..හිටු පොඩ්ඩක් ඔතනක එනකම්..

ඕන් ඔහොම කියපු උදියයි දිලීපයයි ආහ්..තවත් එකෙක් එතන හිටියනේ..ඒ තමා නගා (නගා අක්ක ) දැන් මුන් තුන්දෙනා මාව රවට්ටන්න මගෙ ඉස්සරහින් යනව නිකා දැක්කෙ නෑ වගේ..මයෙත් එක්ක කොහෙද ඒව..මම දැනගත්ත යන ලීලාවෙන්ම මේ යන්නෙ මුන් තුන්දෙනා තමා කියල..මම ම ගිහිල්ල මුන්ට සෙට් උනා..
ඊට පස්සෙ තුන් දෙනාම එකතු වෙලා ගෝල් පේස් එකට යන්ඩ මොරටුව බස් එකට ගොඩ උනා.මල මගුලයි නගා අක්කගෙන් බේරෙන්න බැරි උනා නෙව..අර පවිත්තරයව මට හම්බෙන්න ඕනලු..තව උට ප්‍රහාරයක් එල්ල කරන්න ඕනෙලු..යනාදී වශයෙන් අපේ පවියාට බැන්නනේ..තවද ඌට ලොල්ලා යනුවෙන්ද ඉතා කුජීත ආකාරයෙන්ද බැන වැදුනා.. .දැන් ඒක ගෝල් පේස් එක ලගට එද්දිම මෙන්න යකෝ කපල් එකක් ඇවිත් මට රුපියල් 20 ක් දීල කියනව..මල්ලි මේක අපි දෙන්නට කියල කොන්දයියට දෙන්න කියල මෙන්න මුන් දෙන්න සුටුස් ගාල බැහැල ගියා..( දිලීපයා මම බ්ලොග් ලියන එකෙකු බවත් මේක පෝස්ට් එකකට දමයි කියාත් මට සල්ලි නොදෙන ලෙසත් කපල් එකට ප්‍රකාශ කර සිටියත් මයෙ අවන්ක මුහුන දුටු ඔවුනට එසේ කිරීමට නොහැකි විය.) ඊට පස්සෙ උදියා විසින් තවත් කීයක්ද මන්ද අර සල්ලි වලටත් ඇඩ් කරල කොන්දයියට දීල අපිට ටිකට් ගත්තා.. ඕන් ඔහොම අපිට ගෝල් පේස් එකට ෆ්‍රී ටිකට් ලැබුනා..
   දැන් ගෝල්පේස් එකටත් ආව කියමුකෝ..මෙන්න ඊට පස්සෙ නගා අක්ක හෝ ගාන පොකුන දිහා කන්න වගේ බලන් ඉන්නව..ඉතින් කවද දැකපු දේවල්ද කියල අපිත් සද්ද නැතුව හිටියා ඕන්...ඉට පස්සෙ දිලීපයාත් සමග නොනිමි සටනක් ගෙන ගියා..බොලාට කියන්න මාර වලිය..නගා අක්ක දිලීපයාට ගහන්න ගෝල්පේස් එක වටේ එලෝනව..අනේ පව් අර අසරනය.. :(ඕන් ඔය වෙලාවෙ තමා මලියගෙ අම්මගෙන් උදියාට කෝල් එකක් ලැබුනේ..
උදියා-හලෝ..
මලියගෙ අම්ම-හලෝ ඔය උදිත් පුතාද?
උදියා-ඔව් ඔව් ඔය කවුද?
අම්ම-මේ පුතේ මම මේ මලිත්ගෙ අම්ම කතා කරන්නෙ..ම්යෙ එකා හෙන කුප්පය..ඌව  පරිස්සමෙන් බලා ගන්න..පුතාට කියන්න අපෙ මලිත් කොල්ල 138 ඇරෙන්න වෙන බස් එකකවත් ගිහිල්ල නෑ..
උදියා-හරි ඇන්ටි මම පරිස්සම් කරන්නම්කෝ :)
ඔන්න ඊට පස්සෙ ටිකක් සද්දන්ත කොලු පැටියෙක් ආව ගෝල් පේස් එකට..ඌ දැන් උදියගෙන් සහ දිලීපයගෙන් අහනව මචන් කොහෙද උබල ඉන්නෙ කියල//එතකොට අරුන් දෙන්න කිව්ව අර කොඩි ගහට උඩට නැගපන් මචන් හොයාගන්න පුලුවන් වෙන්න කියල..එතකොට මලියා කියනා එකාමුලු ගෝල් පේස් එකටම ප්‍රදර්ශන භාන්ඩයක් උනා.. :)
ඊට පස්සෙ මෙන්න බොලේ එවන කොල්ලෙක් කෙල්ලෙකුත් එක්ක..ඉතින් අපිත් කට ඇරගෙන බලා හිටියා කවුද බොලේ මූ කියලා..බලද්දි මූ තමා ඒඩීකේ කොලුවා කියන්නෙ..වයිෆරේත් සමග තමා ඇවිල්ල තිබ්බෙ..(වෙන්ට වයිෆරේ) දැන් ඔය ඒඩීකේ කොලුව ඊයෙ පෙරේද උපාදිය ගත්ත එකාලුනේ..මෙන්න බොලේ දිලීපයා කියාපි අයියා ඊයෙ පෙරේද බැන්ද නේද කියලා>> හුටා අර වෙන්ට වයිෆරේවත් නිකන් කරකෝල අතඇරියා වගේ උනා..අන්තිමේට දිලීපයාට ආසනික් කැවී ඇතැයි අප විසින් නිගමනය කරා.

ඊට පස්සෙ අර සුලැගිල්ලා නොහොත් පවියා කොටුව පේමන්ට් එකේ උගේ ඇක්ස්ට්‍රා බැටරියා විකිනීමෙන් අනතුරුව( පොකට් මනී සදහා ) ගෝල් මෙව්ව එකට ආව..ඌවත් අර කොඩි ගහට නග්ගවන්න උදියාට සහ දිලීපයාට ඕන උනත් පවියාගේ කුපාඩි කම් නිසා උන්ට ඒක නම් කරගන්න බැරි උනා..මෙන්න බොලේ පවිය ආපු ගමන් දිලීපය කිව්වෙ නැතෑ මචන් උබ ගාල්ලෙ නේද කියල..ඉට පස්සෙ පවියා තමන් කඩවත බව කොතෙක් පැවසුවත් දිලීපයා නිතර නිතර ඔහු සිටින්නෙ ගාල්ලේ යැයි කිව්වා..( මෙම සිදුවීම මගින් දිලීපයාට ආසනික් කැවී ඇති විත්තිය අපි තහවුරු කර ගත්තෙමු )

ඊට පස්සෙ එකිනෙකා හදුනා ගැනීම තමා කරේ..මෙතනදි පවියා අර ඒඩීකේ කොලුවාගේ වයිපරේ පිලිබද වැඩි අවදානයක් යොමු කලත් ඇය ඒඩීකේ කොලුවාගේ වයිපරේ බව දැනගත් පසු ඔහු වැඩේ අතඇරියා..
ඉන් පසුව උදා උනේ කෑමේ වෙලාවයි..ඒඩීකේ කොලුවා විසින් අපි සැමට ඉස්සෝ සහ කකුලුවෝ වඩ පාටියක් ලබා දුන්න...එයට කරන ප්‍රතිඋපකාරයක් ලෙස අපි සියල්ලෝම ඔහුව ලබන ආත්මයේ කකුලුවෙක් වීම ඉපදේවායි යන අවන්ක වූ පැතුමක් කලා...
ඊට පස්සෙ අත පිහදාගැනීමට පවියාගේ ලේන්සුව භාවිතා කලා..( ඒක ඔහු නාන්ට අදින අමුඩ රෙද්ද බව පසුව දැන ගැනීමට ලැබුනි )

ඕන් ඔය අතරතුරේ තමා අර රෝස පාට මොකක් ද එකක් අපි දැක්කෙ ( අක්ක කෙනෙක් මයෙ හිතේ )
කාල බීල අවසන් වෙලා එහෙම ඒඩීකේ කොලුවා වයිපරේ සහ නගා අක්ක විසිර ගියා ( නගා දාගෙන යාම නිසා ඒඩීකේ කොලුවාට ඔහුගේ කාර් කට්ට සර්විස් කිරීමට සිදුවූ බව පසුව දැන ගැනීමට ලැබිනි )

ඊට පස්සෙ ඉතුරු උනේ මමයි පවියයි උදියයි දිලීපයයි විතරයි. ඔහොම ඇවිදගෙන යද්දි ගෝල්පේස් එකේ සිටි කපල් ඒකක් දැක්ක උදියා කොල්ලව පලමුවත් කෙල්ලව දෙවනුව කෙල්ලවත් රේප් කිරීමට දිව යාමට සැරසුනා. අපි කොහොම හරි නවත්ත ගත්තා.. ( මේක රත්ගමයා දැක්කොත් ඉවරයි.. උදියාටත් ඉන්න වෙන්නෙ නෑ ).ඉට පස්සෙ මලියාගේ උපන්දිනය වෙනුවෙන් අප සියලු දෙනාට කොකාකෝලා සමග දුම් පාටියක් දුන්නා..ඊට පස්සෙ ගින්දර ටිකක් හොයාගන්න කිලෝමීටර් බර ගානක් පයින් ඇවිද්දා...ඉට පස්සෙ කෝම හරි ගින්දර ටිකක් හොයා ගත්තා..
ඔච්චරයි උනේ...ඊට පස්සෙ මාත් විසිර ගියා (එම්සී එකේ පවියාට බෑග් එකක් ගන්න ෆුල් කට්ටක් කෑවායින් පසු )
ප/ලි - කිසි විටෙකත් පවියාට බෑග් ගැනීමටත් දිලීපයාට මියුසික් බඩු ගැනීමටත් සම්බන්ද වීමෙන් වලකින්න..


10 comments:

  1. ela ela malli babo oya lassanata wachana galapala kathawa liyala thiyenawa..eth samahara than rasa karala madi..ewata mage puthe thawa luni ambul tikak danna oni..monawa unath hoda uthsahayak..babata magen lakunu 5%k denawa..

    ReplyDelete
  2. පෑන්ටි සැට් එක කුලක වීම නොහොත් පෑන්ටි කොල්ලාගේ ආගමනය

    ReplyDelete
  3. අඩෝ එතකොට තියනවයි කියපු මෙව්වා එක?
    ඒකට මොකො උනේ?

    සමීර ආර්. මැන්දිස්

    ReplyDelete
  4. කාලා හමාරයි ඔය ඇරලා තියෙන්නේ හම පිටින්ම :D

    ReplyDelete
  5. හෙ හෙ.. මයේ අහින්සක මූන දැක්කම නඟාට ගහන්ත් අමතක වෙලා.. ඉහික්..

    ReplyDelete
  6. මං දන්නව වැඩක් වෙලා නෑ. මුං ගෙනිච්ච දත් වලිනුත් දෙක තුනක් තියලයි එන්න ඇත්තෙ!

    ReplyDelete
  7. අපිටත් අරංචියි කට්ටිය සෙට් උනැයි කියලා.
    අපරාදේ එන්න තිබ්බා.
    මොනා කරන්නද දන්නේ නෑනේ. ඊලඟ පාරවත් සෙට් වෙමුකෝ

    ReplyDelete
  8. @ දිලීප - ඔව් නේ\\

    @ රත්ගමයා - බොට වෙලා තියෙන දේ දන්න නිසා මුකුත් නොකිය ඉන්නම්(මේ එදා අර ග්‍රාම මාමත් දාල හිටියෙ පැන්ටියක් ලු නේ..හිරිකිතයි බොල)

    @ ඇනෝ - :ඕ.. මොන මැව්ව එකය?

    ReplyDelete
  9. @ ඩාක් ඉසාර - එකෙන්ම :ඩී

    @ සුලැගිල්ල - ඔව් යකෝ අහින්සකයි නෙ උබ..

    @ නිකමා - දත් තියල ආවෙ නෑ.. :පී ය

    @ මඩුරන්ග - ඔව් ඔව් ..ආයෙ සෙට් වෙමුකෝ :)

    ReplyDelete
  10. යාලුවා ගොඩක් ලස්සනයි....

    ReplyDelete