Tuesday, May 31, 2011

ෆේස්බුක්,ජීමේල්,යාහු ඕන මගුලක් හැක් කරමු#Phishing ගැන දැනගමු# 1කොටස

මොකක්ද මේ පිශින් කියන්නෙ..හරිහමන් නිර්වචනයක් දෙන්නනම් අමාරුයි..මගේ මතයෙ හැටියටනම් පිශින් කියන්නෙ හැකින් ක්‍රමයක්..පිශින් කරන්න කිසිම තාක්ශනික දැනුමක් ඕන නෑ..හරිම සිම්පල් :) .මම මේ පෝස්ට් එකෙන් ලියන්නෙ ඵිශින් කියන්නෙ මොකක්ද ඒ වගේම කොහොමද පිශින් වලින් ඊමේල්,යූසනේම් පාස්වර්ඩ් උස්සන්නෙ කියල..
 මෙතනදි කරන්නෙ ෆේස්බුක්,ජීමේල් වගේ අපිට හැක් කරන්න ඕන සයිට් එකක් වගේ ෆේක් සයිට් එකක් ඒ කියන්නෙ බොරු සයිට් එකක් හදාගන්න එක.
ඔන්න ඕක තමා කියන්නෙ කවුරුවත් දෙන ලින්ක් වලින් ෆේස්බුල්,මේල් වලට ලොග් වෙන්න හදන්න එපා කියන්නෙ..එහෙම උනොත් අපේ යුසර්නේම් පාස්වර්ඩ් ඒගොල්ලො ලග සේව් වෙයි..
පිශින් වලදි ඔන්න ඔය පහල පින්තූරෙ තියෙනව වගෙ ඇඩ්‍රස් එක වෙනස් එකක් තියෙන්නෙ..සමහර විට  www.facebook.com වලට ඉතා ලගින් යන ඇඩ්‍රස් එකක් වෙන්නත් පුලුවන්..
 කෙනෙක්ගෙ අකවුන්ට් එකක් හැක් කරනව කියන්නෙ මහ චූ වැඩක්..ඒත් පිශින් කරන හැටි කියල දෙන්නෙ ඒ ගැන දැනගන්න..ඒ වගේම කරන අයගෙන් බේරෙන්න..
ඊලග පෝස්ට් එකෙන් ෆේස්බුක් ඊමේල් පාස්වර්ඩ් උස්සමු එහෙනම්..(අනුන්ගෙ නොවේ...තමන්ගෙම) :)
හෙට ඊලග පෝස්ට් එක දානව..ඔන්න අපි කැපුන
ප/ලි- These Info are only for educational purposes.DO NOT misuse them.The author is not responsible in any way for your act.By using this you accept with the disclaimer

කොම්පියුටරෙන් RemiX කරමු..#virtual DJ#

ඔන්න කොල්ලනේ අද චාටර් කොලුව ආව සුපිරි සහගත භාන්ඩයක් අරගෙන..කීප දවසකින් පෝස්ට් එකක් දැම්මෙත් නෑ නෙ..ඔන්න එහෙනම් මැක්සා අයිටම් එකක්.මේකෙ නම තමාVirtual DJ..සම්පූර්නයෙන්ම නොමිලේ දෙන සොෆ්ට්වෙයා එකක්..දැනට තියෙන ඩීජේ සොෆ්ට්වෙයා වලින් මේක තමා එකෙන්ම හොදම එක..
මේකෙ ඉන්ටෆේස් එක හරිම සරලයි..ඒත් වැඩ ගොඩයි..ඕන කෙනෙක්ට භාවිට කරන්න ලේසියි..
 ඉතින් තව කියන්න දෙයක් නෑ..මියුසික් වලට කැමතිනම් අනිවාර්යෙන්ම මේක බාගන්න...වැඩ කෑලි ගොඩක් තියෙනව..බාගෙනම රහ බලන්න..
බාගන්න
කොමෙන්ට් එකකුත් දාලම යන්න..අපි කැපුන..

Sunday, May 29, 2011

##සූට්ටක් විතර 18 ප්ලස්..කතා## අන්ක 1

ඔන්න අද කියන්න යන්නෙ පොඩි ජෝක් එකක්..මේක සූට්ටක් විතර 18+ ජෝක් එකක් ඈ..එහෙම කිව්ව කියල උබල නොබලම ඉදියි..මම නම් ඔන්න කමක් නෑ කියල කිව්වැකි..මගෙ වයස 17 නොවැ..අවුරුද්දනෙ අඩු :D ඔන්න එහෙනම් මම කීව..තේරුම් ගන්න උන් හිනාවෙයල්ල..නැති උන් අඩපල්ල..

 ඔන්න දවසක් මිනිහෙක් බාර් එකට ආවලු..ඇවිල්ල බාර් එකේ අයිතිකාරයට කිව්වලු  "අයිය මට දෙන්නකො බිව්වම කෙලින් කටින් හිටගන්න බැරි වෙන වොඩ්කා බෝතලයක්"
එතකොට බාර් එකේ අයිතිකාරය ඇහුවලු   "අද මලයට ගොඩක් දුක හිතෙන ප්‍රශ්නයක් වෙලා වගේ කියල"
එතකොට අර මෑන් කියපි "ඔව් අයිය අද මම දැනගත්තා මගෙ අයියා සමලින්ගිකයෙක් කියල"

දැන් දැන් මූ බීල ගියා කියමුකෝ..මෙන්න මූ ආයෙත් සැරයක් ඇවිල්ල ඉල්ලුව..පිස්සු හැදෙන්න බොන්න වොඩ්ක එකක්..එතකොටත් අර බාර් එකේ අයිතිකාරය ඇහුව "මල්ලි මොකක්ද ප්‍රොබ්ලම් එක කියල"
එතකොට මූ කිව්වලු "අද මන් දැන ගත්ත මයෙ මල්ලිත් සමලින්ගිකයෙක් කියල"

මෙන්න බොලේ මූ තවත් දවසක් ඇවිල්ල ඉල්ලුව පිස්සු හැදිල වැටෙන්නම බොන්න වොඩ්ක බෝතලයක්..
එතකොට බාර් එකේ පොර ඇහුව "ඇයි මල්ලි අදත් දුකෙන් වගේ අද උබලගෙ පවුලෙ වෙන කවුද ගෑනියෙක් කියල දැනගත්තෙ?"

මගෙ වයිෆ්
ප/ලි - නිශ්පාදන අයිත්ය මා සතු නොවේ..හුදෙක් ට්‍රාන්ස්ලේට් කිරීමක් පමනි..
ප/ප/ලි - හිතෙන දෙයක් ලියල පලයව් කියෙව්වනම්

Thursday, May 26, 2011

එක සොෆ්ට්වයා එකයි..වැඩ කෝටියයි..Just Speed Up Your PC in One Click

ඔන්න යාලුවනේ අද චාටර් කොල්ල ආවෙ මැක්සා සොෆ්ට්වෙයා කෑල්ලක් අරගෙන.මේකෙ වැඩ කිඩ නම් ගොඩයි.මේකට කියන්නෙ Advance System Care Pro කියලා. මේකෙ මිල $12.97 ක් වෙනව අවුරුද්දක ලයිසන්ස් එකක් එක්ක..ලන්කාවෙ අපිට ඉතින් ඔය ඔරිජිනල් ඒවා කැප නෑ නෙව.. ඉතින් ඔන්න මම ගෙනාව ඔරිජිනල් ක්‍රැක් එකක්. සරි සරි ..වැඩි කතා ඕනෙ නෑ වැඩේට බහිමු..
ඔන්න එහෙනම් මම දානව මේකෙන් කරන්න පුලුවන් වැඩ ලිස්ට් එක
*රැම් එක අපිට ඕන විදියට මැනේජ් කරන්න පුලුවන්
*රෙජිස්ට්‍රි එරර්ස් විනාඩියෙන් ෆිx කරන්න පුලුවන්
*ජන්ක් ෆයිල් රිමූව් කරල හාඩ් එකේ ස්පේස් එක වැඩි කරගන්න පුලුවන්
*අම්මෝ තවත් වැඩ කෝටියයි..ඔන්න ඒවා

Game Booster,Internet Booster,Disk Check,Disk Cleanup,Driver Backup,System Backup,System File Checker,Shortcut fixer,Auto shutdown,cloned file finder,restore center,startup manager,software uninstaller
ඇන්ඩ් මෙනි අදර් ෆීචර්ස් අවේලබල් බොලව්..

 ඔන්න එහෙනම් බාගමු
* සොෆ්ට්වෙයා එක බාගන්න මෙතන ඔබන්න
*ක්‍රැක් එක බාගන්න මෙතන ඔබන්න
*ක්‍රැක් කරන්න ඕන උපදෙස් මෙතනින් බාගන්න

ඔක්කොටම යන්නෙ 8 මෙගාබයිට්..ඒත් මේ සොෆ්ට්වෙයා එක සොෆ්ට්වෙයා 10 කින් කරන වැඩ කරනව..උපදෙස් තියෙන නෝට්පෑඩ් එක කියවල ක්‍රැක් කරගන්න පුලුවන්..මොකක් හරි ගැටලුවක් උනොත් කොමෙන්ට් එකක් විදියට පහතින් දාන්නකෝ..එහෙනම් චාටර් කොල්ල කැපුන..
ජයවේවා!!!
 හෝව් හෝව්.කොමෙන්ට් එකක් දාලම බාපියව් යකුනේ..නැත්තම් චාටර් නෙ

Tuesday, May 24, 2011

චාටර් කොල්ලාගේ වග තුග(හුදෙක් ආත්ම ආරක්ශාව උදෙසාය)

චාටර්  කොල්ලාගේ ජීවිතය ගත්කල එහි චාටර් සිද්දි ගොඩකි..ඒවා ඉදිරියේදී මෙම බ්ලොගය තුල ලිවීමටද මම සිතා සිටිමි. එසේම ඒවායේ සාරාන්ශ්යක් මෙසේ ගෙනෙ හැර පාමි.
චාටර් කොල්ල ගැන කතා කරන විට මගේ කෙල්ලො සබ්ජෙක්ට් එක ගැන කතා නොකරම බැරිය..එහෙත් මා මෙපමන කලකට එකදු කෙල්ලෙක් එක්ක හෝ යාලු වී ද නොමැත.එයට හේතුව මගෙ උපන් කැතද,නැතහොත් වෙන මොන මගුලක් ද යත් මම නොදනී.අපේ පන්තියේ සිටින කෙල්ලන්ට මාව පෙන්නන්න බැරිය. ඒ නම් මගෙ කට කැඩිච්ච කතා වලට ඇති අකමැත්ත නිසා විය හැක. නමුත් එය මට ප‍්රශ්නයක් නොවන්නේ ඔවුන් මටද පෙන්නන්න බැරි නිසාය(පෙන්නන්න පුලුවන් කීපදෙනෙක්ත් ඉන්නවා බොලව් :) )
චාටර් කොල්ලා 2010 වසරේ සාමානය පෙල විභාගය සදහා පෙනී සිටියේය..අගෝස්තු මස පමන වන විට විභාගයේ වැඩ කටයුතු වලට ඔනා යැයි කියමින් ඩොන්ගල් එකක් ද මිලදී ගතිමි. ඒ හුදෙක් ෆෙස්බුක් යාම සදහාය..(අර මොකක්ද එකටත් ඕන වුනා)..දිනකට පැය 3ක් වත් ඉන්ටනෙට් එකේ සිටීම මගෙ සිරිතක් විය.එය මා නොකලේ අයි ටී විශයට කලින් දා පමනි. මෙපමන පිස්සු නටලාත් ඕ ලෙවෙල් රිසාල්ට් පරිගනක තිරයේ A 9ක් ලෙස දිස්වුනි..මා සිතුවේ මට මෙන්ම මගේ ඩොන්ගල් එකටත් පිස්සු කියාය.කෙසේ හෝ මෙය සිදුවී ඇත. මම එම වැරදීම නිවැරදි කිරීම සදහා මගෙ රිසාල්ට්ස්  රීකරෙක්ශන් දැම්මෙමි.

ඕ ලෙවල් වලින් පසු නිවාඩු කාලයේ කකා බිබී නිකන් සිටීමෙන් බඩක් ඒවි යැයි බියෙන් මම ජිම් එකකටද යාමට පටන් ගත්තෙමි.එවිට  ඉස්කෝලෙ පටන් ගත්විට පන්තියේ චන්ඩියා මම වේ යැයි මම සිතා සිටියෙමි. එහෙත් මගෙ ඇති ඇගක් නොමැත.ඒ ලෙවල් ගොඩ දාහැනීමේ අරමුනින් මම දැන්ම සිටම ඒ ලෙවල් වලට පන්ති යමි. ඒ කොලම්පුරේටය. ලන්කාවේ සිටින හොදම ගුරුවරු ලගටය(එසේ කියා ගන්නා අය). එහෙත් මට පිකිස් වල එකදු ගානක් හෝ හරියට හදාගත නොහැක.ඒ මම සැමදා පන්තියේ පිටිපස්සෙම සිටින නිසාද නැතහොත් කෙල්ලො දාහක් පමන දැකීමෙන් කවුරු තෝරගන්නවාද යන සිතේ දෙගිඩියාවෙන්ද විය හැක.
මම ගැන මා දන තරමින් ටිකක් ලිව්වෙමි.මා ගැන හිතෙන දෙයක් ලියා ගියාට කම් නැත

Sunday, May 22, 2011

අපි කොච්චර බානවද කියලා දැනගන්න මෙන්න පට්ට ගැජට් එකක්!!!

අපි හැමෝම ඉනටර්නෙට් පාවිච්චි කරද්දි ඇතිවන ප්‍රදාන ගැටලුවක් තමා අපි කොච්චර ඩවුන්ලෝඩ් කරනවද කියන එක. මෙන්න තියෙනවා ඒකට නියම විසදුම..නම තමා Du Meter .මේකෙන් පුලුවන්,
*එක් දිනක භාවිතකල දත්ත ප්‍රමානය(ඩවුන්ලෝඩ් / අප්ලෝඩ්)
*එක් මසකදී භාවිත කල දත්ත ප්‍රමානය(ඩවුන්ලෝඩ් / අප්ලෝඩ්)
ඉතා පහසුවෙන් දැනගන්න..තව මේකෙන් අපෙ එ ඩවුන්ලෝඩ් කරන වේගය අනුව අපි මාසයකදී කොච්චර ඩවුන්ලෝඩ් කරනවද කියලා නිගමනය කරන්නත් පුලුවන්.
මේක ගොඩාක්ම වැදගත් වෙන්නෙ සීමාසහිත අන්තර්ජාල ස්ම්බන්දතා භාවිත කරන අයට.

ඔන්න එහෙනම් සල්ලි වලට ගන්න කස්ටිය මෙතනින් බාගන්න( :ඩී)
බාගන්න
ඔරිජිනල් ක්‍රැක් එකක් ඈ තියෙන්නේ (ඩී)
මම තාම අලුත් කොල්ලානේ..ඉතින් කොමෙන්ට් එකක් දාලා බ්ලොග් එක ෆලෝ පාරක් දැම්මොත් මොකද?

Wednesday, May 18, 2011

Facebook Friend Request යවද්දී requesr block වෙන එකෙන් බේරෙන හැටි දන්නවද?

මේක තමා මගෙ පලවෙනි බ්ලොග් පෝස්ට් එක..එහෙනම් වැඩි කතා ඔනෙ නෑ.වැඩේට බහිමු!
*දැන් මෙහෙමයි සීන් එක. දැන් සමහරු තමන්ගෙ ෆේස්බුක් අකවුන්ට් එකට එන රික්වෙස්ට් ප්‍රමානය වැඩි හින්දා Privacy Settings වලින් තමන්ට රික්වෙස්ට් එන එක  නවත්තනවා.විශේශයෙන්ම කෙල්ලෝ ) අන්න එහෙම අයට අපේ කොල්ලො රික්වෙස්ට් යවාගෙන යවාගෙන යද්දි තමා මේ බ්ලොක් වෙන සීන් එක වෙන්නෙ.අපි එහෙනම් දැන් මේ බ්ලොක් වෙන සීන් එකෙන් බේරෙන විදිය ගැන කතා කරමු.
ඔන්න දැන් ඔයාලා රික්වෙස්ට් එකක් දාද්දි සමහර විට මෙහෙම මැසේජ් එකක් එයි.
අන්න එතකොට තමා ඔයාලා අර ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් නවත්තපු කෙනෙක්ට රික්වෙස්ට් එකක් දාන්න හැදුවෙ.ඔන්න ඔය මැසේජ් එක දවසකට (ඒ කියන්නෙ පැය 24ක් ඇතුලත ) 3 සැරයක් ආවොත් ෆේස්බුක් එකෙන් ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් යවන එක බ්ලොක් කරනවා. ඉතින් කරන්න තියෙන්නෙ සුලු වැඩයි. තමන් රික්වෙස්ට් යවද්දි ඔය මැසේජ් එක දෙපාරක් ආවොත් ආයෙ පැය 24 ක් යනකම් කිසිමකෙනෙක්ට ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් දාන්න හදන්න එපා. එතකොට කවදාවත් දවස් 14,30 කියලා බ්ලොක් වෙන්නෙ නෑ!
පලවෙනි පෝස්ට් එක නේ..අනිවා කොමෙන්ට් එකක් දාන්න හොදේ..පාරක් දාන්නත් අමතක කරන්න එපා!