Thursday, August 25, 2011

කෙහෙම්මල් ග්‍රීස් යකෙක් නිසා කෙලවිය..

කෙහෙම්මල් ග්‍රීස් යකෙක් නිසා කෙලවිය..මේක නම් මලම මල මගුලක්ය..ලගකදී සිට කෙහෙම්මල් ග්‍රීස් යක්කු හැමතැනමය..ගමේ එවුන්ටද පාරක තොටක යන අදුරන්නැති මිනිහෙක් උවත් දැන් පේන්නේ ග්‍රීස් යකෙකු ලෙසය..කෙලින්ම කිව්වොත් ලන්කාවේ බහුතරයක් හරක්ය..උන්ට ටෙලිවිසන් එකේ මොකඛරි ලබු ගෙඩියක් දැම්මොත් ඒකෙන් තොර ලොවක් නැත..උදාහරනය පුත්තලමය..මෙලෝ හෙතුවක් නැතුව පුත්තලමේ පිස්සු නැටූ තම්බි රැලක් පසුගියදා අහින්සක පොලිස් නිලධායෙක් ගසා මරාදැමුවේය..මුන් සිතන්නේ මුන් පාරට බැස්සාම මුන් තමයි මැරයෝ කියාය..ආගමකට අපහාස නොකරමි..එහෙත් මෙවැනි සක්කිලි වැඩ හෙලා දකිමි..

අපේ ගමේ එවුන් බහුතරයකටද එක එක තැන්වල අමාරුය..උන්ට කොරන්න වැඩක් පලක් නැත..ඉතින් එක එකා දැක්කායි කියමින් මුන් පොලිසියට ඉන්න දෙන්නේද නැත..උන් ගොහින් මොකෙක්ද එකෙක් දැක්කා යැයි පොලිසියට රපෝර්තු කරති..ඉතින් පොලිසියද ගම වටේ මුර කරති..
වෙලාව උදේ 10 විය..ඒ 11 වසර මාදම්පේ ප්‍රසිද්ධ ගනන් පන්තියක් ඇරෙන වෙලාවයි..ඒ අසල යාලුවෙකුගේ ගෙදර යාමට අවැසි විය..ඒත් සමගම 1.30 වන විට කේමිස්ට්‍රි පන්තිය සදහා කුරුනෑගල නගරය වෙතටද යායුතුව තිබුනි..මම අපේ අයිය කාරයා හමු උනෙමි..සුපුරුදු පරිදි උගෙන් උගේ මහ ලොකු පල්සර් බයික්කෙ හිගා කෑවෙමි..එමෙන්ම සුපුරුදු පරිදි බැනුම් සන්ග්‍රහයකින් අනතුරුව එය මට හිමි විය..මාදම්පේ නගරයට යාමට මට බසයේ යාමට බැරි කමක් නැත..එහෙත් 11 වසර නන්ගිලා පන්ති ඇරෙන වෙලාවට බයික්කෙන් යාමේදී මාර චූන්ය..එම නිසා මම එදින බයික්කෙන්ම යමි..
මම සුඹ්හ මොහොතින් කොන්ඩෙ පොඩ්ඩක් අවුල් කරගෙන බයික්කෙ දේවාලෙ-පන්සල හයිවේ() එකට දාල පැද ගියේ සුපුරුදු පරිදි හෙල්මට් එක ගෙදර අමතක කරමිනි..ඒ හෙල්මට් එක දාල යද්දී කිසි ගතියක් නැති බැවිනි..නොදකින්ය.. වෙනදාට බල්ලෙක් නැති පන්සල ගාව අද පොලිසියේ මහත්තුරු දෙන්නෙකි..මුන් දෙන්නා මාව නැවැත්තුවාය..ලයිසන් හෙල්මට් මුකුත් නැතිව සිටි මා අතිසයින්ම බිය විය..අයිය කාරයගෙන් ඉදල ඉවරයි..එකෙක් මගෙ කනට ලන් කර 500ක් ගන්න මල්ලි යැයි කීවාය..හොද වෙලාවට පන්ති යාමට අතේ තිබුනු 500 පොලිස් මහත්තුරු දෙන්නාට ප්ලේන්ටියක් බීමට පූජ කර අතේ සතයක් නැතුව පන්තිත් නොයා ආපසු ගෙදර ඒමට සිදුවූයේ මේ කෙහෙම්මල් ගිරිස් යක්කු ඉන්නවායැයි ගමේ *ක කහන ආච්චිලා නිසාය..නොදකින්ය..ඒත් ආසියාවේ ආස්චර්යය..

16 comments:

  1. උඹට හොඳ වැඩේ කෙල්ලොන්ට පැණි හලන්න යනවට....... මේ එක නෙමෙ කාගෙද බං කෙමෙස්ට්‍රි ක්ලාස් එක...

    ReplyDelete
  2. @ පොල් - හික්ය :) කෙමිස්ට්‍රි ක්ලාස් තිලක් රාකකරුනා..නුගේගොඩ ක්ලාස් යන මම කෙමිස්ට්‍රි වලට කුරුනෑගල යන්නෙත් කෙල්ලෙක් හින්ද බොල :ඩී

    ReplyDelete
  3. හික්! නොදකින්.....
    ෆට්ට සාටර්ය! :D :D

    ReplyDelete
  4. හික් හික්!! ග්‍රීස් යකාගේ අතුරු ප්‍රතිඵල

    ReplyDelete
  5. උබත් ඉතින් ඕන්නැති වැඩනෙ කොරන්නෙ!

    උදේ කියෙව්වෙ, ඕන් දැන් පොඩි එකාට කොමෙන්ටුවක් පිදුවා ;)

    ජය වේවා!

    ReplyDelete
  6. හොද වැඩේ නීතියට වැඩ නොකරනවට..!

    ReplyDelete
  7. දැං අය්ය දන්නෙ නැද්ද තාම..මලයට තිබුනෙ 100 කොල 2ක් 2-3ට නවල දීල පනින්න..ඔහොමමයි..උබ.

    ReplyDelete
  8. අයියෝ... එක්කො හොද වැඩේ බොට

    සමීර ආර්.

    ReplyDelete
  9. අංකල් නේද ග්‍රිස් යකා කියලා 500 දෙන කොට කියන්න තිබුණනේ..

    ReplyDelete
  10. ග්‍රීස් යක්කු නිසා සාටරේ කෙලෝ ගනී !!!1
    හිකිස් :) මට නම් මැරෙන්න හිනා. මම් හිනා වෙලා මලා.

    ReplyDelete
  11. puluvannam me link eken gihin youtube eken balanna mahabharata kiyana indiyan epic eken nirmanaya kala teledrama eka..eeka thamai mama jeevithe balapu lassanama teledrama eka.hema episode ekama youtubevala thiyenava.meya minisunge jeevitha venas kala heki aakaraye apurva saha athi vishishta ganaye indian tele drama ekak.avasanaya vana vita mehe charitha samaga apuru bendeemak apata ethi venava.meya ethem vita oba naraba ethi..eya kalakata pera lankaveth vikashaya vuna.meya indiyave vikashaya vana vita ema rate paraval his vu bava pavasenava.ee kiyanne siyaluma indiyanu vesian telenatayaya naraba thibena bava.

    meya avasanaya vana thek belu kenek nisekavama lankave telenatya narabannan gena kanagatu vevi!

    meya liyana ma budhdhagame.. namuth oonema agamaka kenekuta hindu aagama padanam karagath me telenatyaya ihamath ashaven,aadarayen saha gauravayen nerambiya heki..epamanata eya thula jeevithaya,premaya,sanskruthiya saha siyallama geb vee thibenava.

    WATCHING THIS TELEDRAMA IS THE MOST BEAUTIFUL THING EVER HAPPENED TO MY LIFE..

    if you like to watsh it,search google as 'mahabharat with English subtitles'-youtube

    ReplyDelete
  12. 500ක් දුන්නා යයි කී නිසා කුදලාගෙන ගිහින්වත්ද ඇ සාටර් කොලු මොකද මචං උඹඨ උනේ බොහෝම කාලෙකින් පැත්තටවත් ආවේ නැති නිසා බලන්න ආවේ කිසිම හාවක් හූවක් නැති ගානයි
    මොනව හරි වෙලා නම් කියපං අපිත් ඇවිත් යකඩ කූරු අතරින්වත් උඹව බලල යන්න එන්න

    ReplyDelete