Tuesday, August 16, 2011

පලමු ඔෆීශියල් ලව් එක..1 කොටස-ඉල්ලගෙන නෑම


අම්මෝ කලින් ලිපියට නම් සෑහෙන්න මට මඩ ප්‍රහාර එල්ල උනා..ආන් ඒක හින්ද මම කියන්නෑ ඔන්න මේ අද ලියන්න යන වෙන වෙන කාටවත් උන දෙයක් කියල මේක මටම තමා උනේ..
මම ඉතින් ඔය පොඩි කාලෙ ඉදලම කෙල්ලො සබ්ජෙක්ට් එකට නැති අහින්සකයා..11 වසරට විතර එනකන් මට කෙල්ලන්ව පේන්න බෑ..කෙල්ලන්ටත් මාව පේන්න බෑ..11 වසරෙ මට ඒක පාර්ශ්වික ලව් එකක් තිබුනට ඒ කෙල්ල පොඩි කාලෙ ඉදල කොල්ලො අඩුම තරමෙ 10-15 අතර ප්‍රමානයකට යාලු වෙලා හිටිය හින්ද ඒක පැවතුනේ ඒක පාර්ශ්වික එකක් විදියටම තමා.. ඒ ගැනත් හෙන අලි කතාවක් තියෙනව..ඒක පස්සෙ කියන්නම්..අද කතාව තමා මාගෙ පලමු ඔෆීශියල් ලව් එක!

ඔන්න ඕ ලෙවල් ඉවර වෙලා මාස 6ක් විතර කකා බිබී ගෙදරට වෙලා ඉදල ඉස්කෝලෙ පටන් ගන්න දවසත් ආව..අපේ ඉස්කෝලෙ ඒ ලෙවල් බයෝ පන්ති දෙකක් තියෙනව..ඉතින් දැන් බයෝ කරන කට්ටිය ඔක්කොම ගෙන්නල තමන්ගෙ පන්තිය දැනුම් දුන්නා..දෙයියන්ගෙ පිහිටෙන් මම වැටුනෙ අපේ පරන ඕ ලෙවල් පන්තියෙ හිටපු කොල්ලො ටික සැට් උන පන්තියටම තමා.. එදා ඉතින් වැඩි සද්දයක් නැතුව ශේප් එකේ ඔන්න ඔහෙ ඉදල පහුවෙනිදට තමා පන්තියට වාර්තා කරන්න තිබුනෙ..මල කරුමෙකට එදා දවසෙ ඩෙන්ගු මගුලට ඉස්කොලෙ ස්‍රමදානයක්..  ඉතින් මායි අපේ කලියෙන් පන්තියෙ හිටපු මිටි පොරකුයි සුපුරුදු පරිදි උදෙන්ම ( උදෙ 8 විතර ) ගියා ඉස්කෝලෙට..ඊට පස්සෙ ගේට්ටුව ගාව හිටිය සර් කෙනෙක්ගෙන් වේලාසන ඉස්කෝලෙ පැමිනීම පිලිබද ගුන වර්නනාවක් අහගෙන අපි ගියා අපේ අලුත් පන්තියට..නොදකින්ය..ගියා විතරයි කට්ටිය පිටින් මෙන්න එලියට බහිනව ස්‍රමදානෙට යන්න..මොනා කොරන්නද අපිත් ගියා..අපි ඉතින් වැඩ පල කරල පුරුදු හින්ද කෙල්ලො කට්ටියට වැඩේ බාරදීල අපි වැඩ බලන ජොබ බාරගත්තා..ඔය අස්සෙ තමා පන්තියට අලුතින් කෙල්ලො 10 කට අදික ප්‍රමානයක් ඇවිදින් සිටින බවට අපිට මීටර් උනේ..ඉතින් මම වන් බයි වන් ෆුල් ඇනලයිස් පාරක් දැම්ම..
මෙන්න බොලේ එකෙක් ගාව මගෙ ඇහැ ස්ටක් උනා..කොච්චර අයින් කොරන්න හැදුවත් ඒක මට කරගන්න බැරි උනා..
මම කිව්ව මයෙත් එක්ක හිටපු අර මිටි පොරට " මචන් අර කෙල්ල නම් සුපර් බන් " ඒක තමා මගෙ පලවෙනි ඔෆීශියල් ලව් එක..මම කරපු ලොකුම ගොන් වැඩේ තමා මම එක්ක හිටපු අර රිලවට මේ ගැන කිව්ව් එක..
ඉන්ටවල් එක වෙනකම් තිබ්බ ස්‍රමදානය ඉවර උනා..අපි පන්තියට ගියා..ඔන්න ඔහොම දවස් දෙකක් තුනක් යන්න ඇරල දැන් අර මිටි එකා කෙල්ල ලගට ගිහිල්ල මොනාද කියෝනව..මම ඌව ශේප් එකේ පැත්තකට ඇදගෙන ගිහිල්ල කිව්වා "යකෝ මම ගැනනම් මොනවත් කියන්න එපා.මම අරහෙම කිවෙ ජෝක් එකට කියල" ඒත් ඌව නවත්තන්න බැරි උනා.
ඌ පන්තියෙ වම් පැත්තෙ ඉස්සරහම පෝලිමේ හිටපු කෙල්ලට දකුනු පැත්තෙ පිටිපස්සෙම කෙලවරේ මාව පෙන්න පෙන්න මොකක්දෝ කියනවා..මට දැන් හොදටම මල..යකෝ මූ එපා කියද්දිනෙ මේ අහවල් එකක් කරන්නෙ..
 එක්කෝ කමක් නෑ ඔන්න ඔහෙ අහපුදෙන් කියල මාත් මුකුත් දන්නෑ වගේ හිටියා..
එක පාරටම මට කතා කලා..ඔව් ඒ එයා..මගෙ නම කියල හයියෙන් කතා කලා..එතකොට මට නිකන් කරන්ට් එකක් වැදුන වගේ වෙලා එක පාරටම ඉස්සරහ පෝලිම දිහා බැලුනෙ ඉබේටම..
" මොනාද මට කියන්න තියෙනව කිව්වෙ"
 හුටාය..එක පාරටම පන්තියෙටම ඇහෙන්න කෙල්ල එහෙම ඇහුවා..එක පාරටම කෑ ගහ ගහ හිටපු පන්තියෙ හිටපු ඔක්කොම ඩිම් වෙලා වගේ මගෙ දිහා සහ කෙල්ල දිහා බැලුවා..එතකොටම මට තේරුනා මගෙ කලිසම තෙත් වෙනව වගේ..මම බය උනා..හොදටම බය උනා..මටත් නොදැනුවත්ව මම ඇහුව
"ඇ මොකක්" කියල
එතකොට ආයෙ කෙල්ල ඇහුවා අර ප්‍රශ්නෙම
" මොනාද මට කියන්න තියෙනව කිව්වෙ"
 එතකොට මගෙ කටට ආපු උත්තරේ තමයි
" නෑ.... මුකුත් නෑ" කියන එක
 අර කියපු මිටි රිලවයි පන්තියෙ අනික් උනුයි ඔය සීන් එක මතක් කර කර දැනටත් මාව කින්ඩියට ගන්නවා...ඔන්න ඔහොම තමා ඉල්ලගෙනම ජීවිතේ පලමු වරට කෙල්ලක් නිසා චාටර් බාල්දියකින් නෑවෙ..
ඊට පස්සෙ මොකැයි උනේ කියල ඊලග කොටසින් බලමු..:)




20 comments:

  1. හනේ මී හරකා... පන්තියට අලුතින් ආපු කෙල්ලෙකුට මෙහෙම සාටර් වෙච්ච උඹට ඔය නමම තම හරියන්නෙ..... ශෙඃ ලැජ්ජයි ඈ...!

    නොදකින් ගොනා.. හෙට ඉඳල ගවුං ඇඳපං!

    ReplyDelete
  2. අලුතින් නෙමේ පරන උන්ටත් මයෙ කුපාඩිකම් එහෙව්ම තමා..ඒත් බන් පලවෙනිම ඔෆීශියල් විමසීමනෙ,,මට මොනා වෙලා තිබ්බද එවෙලෙ කියල මටවත් හිතාගන්න බෑ..

    ReplyDelete
  3. අපෝ චාටර්ම තමා....
    මෑ කරලා.............

    ReplyDelete
  4. මල්ලිට මර වැඩක්නෙ වෙලාතියෙන්නේ ...හොදට ගට අරගෙන ඉතුරු ටිකත් කිව්වනම් ඉවරයි ..

    ReplyDelete
  5. චී අප්පා හද්ද චිටර්නෙ ඕයි....

    http://kammeliya.blogspot.com

    ReplyDelete
  6. හිකිස්ස්..එලෑ.....නියම සාටර් එක නේ..

    ReplyDelete
  7. හැක් හැක්... උබව දැක්ක දාම මං දැන ගත්ත... ඇහැ.. කොයින්ද කින්ඩි කල්ල ඇහිද ගත්තේ...?

    ReplyDelete
  8. හි.. හි.. අනේ උඹ නම් සාටර්ම තමා.. කෙල්ලෙක් එක්කවත් කතා කොරගන්න බැරි හැටි..

    මොකෝ බං කලිසම තෙත් උනේ???

    ReplyDelete
  9. උබෑ බඩමාලු කන්න එපැයි යකෝ...අලුතින් ආව කෙල්ලෙක්ට... චික්... පජාතයි....

    ReplyDelete
  10. "මං ඔයැයිට ලව්" කියල එවෙලෙම කියන්නයි තිබ්බෙ ආයෙ තවත් චාටර වෙන්න දෙයක් නෑනේ එතකොට...

    ReplyDelete
  11. මගෙ ඇහැත් ඔහොම පන්තියට ආපු කෙල්ලෙක් ලඟ නැවතුනා. හැබැයි ඔහොම චාටර් නම් කෑවෙ නෑ..

    ReplyDelete
  12. අලේ සාටර්..සාටර්..

    ReplyDelete
  13. පලවෙනි එක විතරක් නම් මදෑ..5නි එකටත් ඕකමනෙ උබ කර ගත්තෙ..නින්දිතයි..ශෝක ජනකයි..තුචිචයි..බොල..

    ReplyDelete
  14. සමීර ආර්.
    අයියෝ යෝ යෝ මල්ලී

    ReplyDelete
  15. වස ලැජ්ජාවය. උබට උබේ ආදරේ කියලා දන්නනේ තිබ්බේ. අපරාදේ චෑන්ස් එක මිස්කොරගෙන නේ රිලවා !!!!
    ඉක්මනටම ඉතුරු කොටසත් ලියන්න. කමෙන්ට් කරන්න පරක්කු උනාට සොරි හොදේ !!!

    ReplyDelete
  16. හපොයි....සාටර්නේ

    ReplyDelete
  17. ඉක්මනට ඉතුරු ටික

    ReplyDelete