කස්ටිය දන්නවනෙ මේ චාටර් කොලුවාත් ලගදි මේ බ්ලොග් කෙරුවාවට බැස්ස බව...බැස්සට මොකෝ මම හද්ද කම්මැලියෙක් බොලව්..නැත්තම් ඉතින් මෙලො වැඩක් නැතුව ගෙඩරට වෙලා බකන් නිලන් හිටිද්දිත් මෙහෙම බ්ලොගය වල් වැදෙන්න දේවි යෑ..:P කස්ටියට කියන්නෙ මට බ්ලොගයක් තියෙනව කියලත් මතක් උනෙත් අද උදේ(ෆේස්බුකියට පින් සිද්ද වෙන්න ඔහොම දේවල් මට නිතරම වෙනව :D)..ඉතින් මාත් දුවගෙන දුවගෙන කොම්පූටරේ ගාවට ඇවිල්ල ගියා මයෙ බ්ලොගයට තත්වෙ මොකක්ද කියල බලාගන්න...මල හුට්ටප්පරයයි හිට්ස් 4450 ක් සමග ෆලෝවර්ස් ල 68...බුඩු අම්මෝ..මාරයි කියන්නෙ මාරම මාරයි..මම බ්ලොගය පටන් අරන් දැන් මාසයක් විතර ඇති..පෝස්ට් හය හතකුත් දාන්ඩ ඇති..ඒත් මේ ප්රතිචාරයනම් මට මාර කික් එකක්..අඩු තරමෙ මම මගෙ බ්ලොගය සින්ඩි වලටවත් ඇතුලත් කරල නෑ..හේතුව ඉතින් උපන් කරුමයන් වූ කම්මැලිකම තමයි..ඒත් ඉතින් අද නම් සින්ඩි ඔක්කොටම බ්ලොගය දාන්ඩ ඕන (එහෙම කිව්වට කාම්මැලි හිතුනොත් සොරි තමා :D.ඔන්න ඒක හින්ද මම තීරනයක් ගත්ත මයෙ කුජීත බ්ලොග් කෙරුවාව නවත්තල දාන්න..ඒ කිව්වෙ බ්ලොග් එක නවත්තනව කියල නෙමේ ඈ..කුජීත කෙරුවාව තමා නවත්තන්නෙ..සුද්ද සින්හලෙන්ම කිව්වොත් සතියකට සැරයක්වත් පෝස්ට් එකක් අමාරුවෙන් හරි දානවා..සුවර් ම තමා. :)
එහෙම කිව්වට ඉතින් අනිද්ද ඉස්කෝලෙ පටන් ගන්නවා...ඉතින් ඉස්කෝලෙ වැඩයි පන්ති වල වැඩයි එක්ක කොරන්ඩ පුලුවන් වේද දන්නෙ නම් නෑ..ඒත් මයෙ පුල් ට්රයි එක..ඒ ලෙවල් කියන්නෙ එසේ මෙසේ ටොපියක් නෙමේ කියල කස්ටිය දන්නව ඇතිනෙ..කොහෙද ඉතින් මගෙ තියෙන කැසිල්ලට මම ලගපාත පන්ති වලට නෙමේ නෙ යන්නෙ..දවසකට බස් වල විතරක් පැය 6 කට වඩා..කුජීතයි නේ..ඒත් ඉතින් හරියට කරගත්තොත් ගොඩ හින්ඩ පලවෙනි පාරම ඒලෙවල් ගොඩ දාගැනීමේ අරමුනකුත් නැතුව නෙමෙයි.. :)ඒ හන්ද ඔක්කොම බැලන්ස් එකේ කොරගෙන යන්න බලාපොරොත්තු වෙනව..මම දන්න හැටියටනම් මගෙ සම වයසෙ ඉන්න ඒලෙවල් ටොපිය කන්න බලාගෙන ඉන්න බ්ලොග් ලියන කීපදෙනෙක් ඉන්නව..ඒ අයටත් කරදරයක් නැතුව ටොපිය කන්න පුලුවන් වේවා හොදේ..එහෙනම් ඉතින් මම ගියා..
හැම දෙයක්ම balance විදිහට කරගන්න මගෙන් සුභ පැතුම් ඔන්න. :)
ReplyDeleteඋ.පෙ යි බ්ලොගයි දෙකම ගොඩදාගමු මචං....හක් හක් මට නං දැන් බ්ලොග් කෙරුවාව අත අරින්නම බෑ... බ්ලොග් එකක් බලන්නැතුව දවසක් හරි හිටියොත් නිකං කෑවෙ නෑ වගේ තමා....
ReplyDeleteමගෙනුත් සුභැපැතුම් මචෝ...
ReplyDeleteහැම දෙයක්ම සමබරව කරන් යන එක හොදයි.. සුභ පැතුම්...
ReplyDeleteapinam oya topiya kawe meta masa ganakata kalin dan chu yanawa result gana matak wenakota
ReplyDeleteඑල එල. වැඩ දෙකම හොඳට ගොඩ දාන්න මල්ලී
ReplyDeleteලෙසටම කරගෙන යමු. උ.පෙ මහන්සිවෙලා කරහන්
ReplyDelete-සිහින ඉසව්ව-
කුජීතයි නේ බොල..පජාතයි.........
ReplyDeleteමාත් ටොපිය කනවෝ.දැක්කනෙ පෝස්ට් එක හි හි.සුබ පැතුම් :)
ReplyDelete@ චතුමිතු - තැන්කූ තැන්කූ :)
ReplyDelete@ කිඩෝ - ඔව් ඔව් එකෙන්ම ගොඩ දාගන්න තමා පුල් ට්රයි එක :D
@ කුරුන් ගුරුන්,දිනේශ් - එල එල..තැන්කූ වේව !!!
@ දිලීප - දැම්මම බය කරන්ඩ එපා බන්...එෆා වෙනව :O
@ සිහින ඉසව්ව - මයෙ ෆුල් ට්රයි එක :D
@ කැප්ටන් - ආයෙත් අහල ..එකෙන්ම කුජීතයි නොවැ :P
@ කඩේ හාමිනේ - කමු කමු..ටොෆිය කමු ;)
එල එල මචෝ ලියහන් දිගටම දැන්........
ReplyDeleteAll the best malli!
ReplyDeleteදෙකම සමබරව කරන් යන්න මල්ලියා...එතකොට ශෙප්..
ReplyDeleteඅ.පො.ස = "අපරාදෙ පොත්වලට ගිය සල්ලි" කර ගන්නෙ නැතුව උ.පෙ. ත් ගොඩ දාමු මල්ලී...ගුඩ් ලක්...!
ReplyDeleteඋ පෙළ නම් කුජිත වෙන්නතිව කරගන්න ඕන්...
ReplyDeleteහැමදාම ලියන්න ම ඕන නෑ මළේ . .
ReplyDeleteඉඳලා හිටලා හරි වැදගත් ලිපියක් පල කරාන්වනම් හිට්ස් සහ ෆලෝවර්ස්ලා ගැන හිතනන් දෙයක් නෑ ඉබේ එනවා . . .
එහෙනම් ඉතිං,
ඉගෙන ගනන් වැඩත් සමඟ බ්ලොග් කෙරුවාවත් අනෙක් වැඩත් සමබරව කරගන යන්න කියලා කියන්නම් දැනට . .
ජය